ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් තමාට කතා කරමින් පාලකයාට කුණුහරුපෙන් බනින බවත්, ඊළඟ ජනාධිපතිවරණයේදී තමාට තරග කිරීමට අවස්ථාව නොදී කුමන්ත්රණකාරීව මරාදැමීමේ සූදානමක් පවතින බවත් ප්රජාතන්ත්රවාදී පක්ෂනායක සරත් ෆොන්සේකා මහතා අදට (01දා) පැවසීය.
පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්රීඩාංගණයේ පැවැති මැයි දින රැලියට එක්වෙමින් මේ බව පැවසූ ෆොන්සේකා මහතා ජනතාව පීඩාවට පත්කරමින් ගෙනයන දූෂිත පාලනයඉවත්කරමින් 2015 වනවිට වත්මන් පාලකයාගෙන් ජනතාව බේරාගන්නා බවද අවධාරණය කළේය.
“ඔය පිස්තෝල කටු පෙන්නගෙන ඊළඟ මැතිවරණයේදී අපි බය කරලා පැත්තකින් තියන්න පාලකයා සූදානම් වන බව ආරංචියි. කාලතුවක්කු අතපත ගාල තියෙන අපි ඔය පිස්තෝල කටුවලට බයවෙන්නෙ නෑ. හොර බොරු වංචා නැතුව පුළුවන්නම් නිදහස් මැතිවරණයක් තියලා අපිත් එක්ක තරග කරලා දිනන්න කියලා පාලකයාට අභියෝග කරනවා* යැයි හෙතෙම පැවසීය.