මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් වන ගැටලුව ආණ්ඩුවට එරෙහිව සිටිමින් හෝ විසඳාගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළකරන ලද්දේ, කොටුවිල සුමේධාරාම විහාරස්ථානයේ පැවැති සෞඛ්‍ය සායනයක් නිරීක්ෂණය කිරීමකට එක්වීමෙන් අනතුරුවය.එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"මීතොටමුල්ලට කුණු ගේන එක නතර කරන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා සහ අගැමැතිතුමා මගින් අරගෙන තියෙන්නෙ. නමුත් මේක මහ පුදුම ආණ්ඩුවක් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් නියෝග දීලා මාස 02ක් වෙනවා. ඒත් වැඩේ කෙරෙන්නෙ නැහැ. එතකොට අපි දැන් මොකක්ද කරන්නෙ.
මේ සම්බන්ධව බලධාරීන් නිසි තීරණ ගන්නෙ නැතිනම් ජනාධිපතිතුමා රුසියාවේ සිට ආවාට පස්සෙ මේ සම්බන්ධව අපි ගන්න තීන්දුව ඉතා දැඩි වේවි. ඒකට පක්ෂ, පාට, ආගම්, ජාතිභේද මුකුත් නැහැ. සමහරවිට ආණ්ඩුවට එරෙහිව ගිහින් හරි අපිට මේ ගැන දෙකෙන් එකක් බේරගන්න වෙනවා.
මොකද හේතුව හැමදාම අපිව මුලාවට පත්කරන්න, අන්දන්න, ඉඩදෙන්නෙ නැහැ. මමත් මේ ආණ්ඩුවේ තමයි ඉන්නෙ. නමුත් මේ කුණු කන්ද සම්බන්ධව තීරණයක් ගන්නේ නැති නම් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ලෙස මගේ තානාන්තරවලින් මට වැඩක් නැහැ. මෙම ප්රශ්නය තවදුරටත් රබර් කරන්න ඉඩ දෙන්නෙ නෑ. මේ දවස් 04 විතරයි බලන්නෙ." යැයි පැවසීය.