හෙරොයින් කිලෝ 110ක් සොයාගැනීමේ සිදුවීමට අදාළව ප්‍රධාන ශ්‍රී ලංකා ජාතික සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
අද (04දා) අලුයම අතඅඩංගුවට ගත් මෙම සැකකරු ශ්‍රී ලංකාව තුළ හෙරෙයින් බෙදා හැරීමට සම්බන්ධ බව පොලීසිය කියයි.
ඔහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් මුවාස් මොහොමඩ් නැමැති සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විදේශිකයන් 14ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.