මිනීමැරුමක් හා ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වූ නුවන් උදය ගුණතිලක නොහොත් %කුඩු නුවන්^ හෙරොයින් ග්‍රෑම් 301 ක් සමග ඊයේ (20දා) පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
අමාත්‍ය මර්වින් සිල්වා මහතා වසර කිහිපයට පෙර ජාතික රූපවාහිනියට කඩාවැදී කලබලයක් කළ අවස්ථාවේදී ඔහුට සහාය දුන් අය අතර කුඩු නුවන්ද සිටියේය.
මීතොටමුල්ල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් කුඩු නුවන් සතුව තිබූ හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 25 ඉක්මවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
හෙරොයින් සමග අත්අඩංගුවට පත් කුඩු නුවන් නොහොත් උදය ගුණතිලකට එරෙහිව මිනීමැරුමක් හා ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන අතර, මෙම චෝදනාවට අනුව ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක්ද විභාග වේ.
පොලිස් අත්අඩංගුවට පත් නුවන් උදය ගුණතිලක දින 07 ක රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.