මාතර උයන්වත්ත ප්‍රදේශයේ 72 හැවැරිදි කාන්තාවකට හා 16 හැවැරිදි පාසල් සිසුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අත්‍යවශ්‍යව සිටි දිවයිනේ ප්‍රසිද්ධ කුඩු ජාවාරම්කරුවෙකු බව කියන තමිල් අජිත් කුමාර නොහොත් කඩු චමිල් අද (25දා) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාරවූයේය.
සැකකරු ලබන 8 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂාද සිල්වා මෙනවිය නියෝග කළාය.