2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී ත්රසත ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළු ත්‍රස්ත ප්‍රහාර ගණනාවකට වගකිව යුතු අල් කයිඩා නායකයෙකු වන කුආරි යසීන් ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.
මීට දින කිහිපයකට ඉහතදී ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මියගිය බවට පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනු ලැබීය. කෙසේ වෙතත් පෙන්ටගනය ඒ බව නිල වශයෙන් තහවුරු කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
ඉස්ලාමාබාදයේ හෝටලයකට ප්‍රහාරයක් එල්ල කර ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු බොහෝ පිරිසක් ඝාතනය කිරීම පිළිබඳවද යසීන්ට චෝදලා එල්ල වී තිබේ.
පාකිස්තාන ත්‍රස්තවිරෝධී දෙපාර්තමේන්තුව මීට ඉහතදී ප්‍රකාශයක් නිකුත් කරමින් පැවැසුවේ කුආරි යසීන්ගේ හිස වෙනුවෙන්ඇමෙරිකානු ඩොලර් 19000ක් ගෙවන බවයි.