මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි යුද හමුදා මේජර්වරයා ඇතුළු සැකකරුවන් 06 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ප්‍රදීපා ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (30දා) නියෝග කළාය.
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ බව පැවසෙන යුද හමුදා මේජර්වරයා හැර සෙසු සැකකරුවන් 5දෙනා ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ බී වාර්තාව සැලකිල්ලට ගත් අවස්ථාවේ මෙම නියෝගය ලබා දෙන ලදී.