කීත් නෙයාර් පැහැර ගැනීමට හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී අත්අඩංගුවට
මාධ්‍යවේදී කිත් නෙයාර් මහතා පැහැරගෙන යාමේ සිදුවීමට ආධාර අනුබල දීමේ වරද මත එවකට හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, ආරක්ෂ විද්‍යා පීඨයේ සේනා විධායක අමල් කරුණාසේකර මහතා අත්අඩගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් මෙම අත්අඩගුටවට ගැනීම ඊයේ (05දා) සවස සිදුකර තිබේ. ඔහු යුද හමුදා රෝහලට ඇතුළත් කර සිටියදී අත්අඩගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ යුද හමුදා රෝහලේ නේවාසිකව සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අමල් කරුණාසේකර මහතා 2006-2009 කාලයේදී හමුදා බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කළේය. අත්අඩගුවට ගැනීම පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත දැනුම් දීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කීත් නෙයාර් මහතා 2008.05.22 දින දෙහිවලදී පැහැර ගැනීමකට ලක්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


