මීට පෙරාතුව විදුලි කප්පාදුවක් පිළිබඳ සැලසුම් කර තිබුණද මේවන විට විදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවලට නිසි ලෙස වර්ෂාව ලැබෙන බැවින් පවත්නා විදුලිය කප්පාදුකිරීමකින් තොරව ලබාදිය හැකි බවත් ඒ අනුව විදුලිය කප්පාදු කිරීමක් කිසිසේත්ම සිදුනොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය
අද මධ්‍යම රාත්‍රීයේ සිට ලබන මාර්තු 31 දක්වා පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කරන බවට පැතිර ගිය පුවත දෝෂ සහිත බවද හෙතෙම පැවසීය.
කෙසේවෙතත් අද සිට විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය දන්වා තිබුණද පසුව එය සිදුනොකරන බව පැවසීය.
කෙසේ වෙතත් අද දිනයේද ප්‍රදේශ කිහිපයක විදුලිය කප්පාදුකර තිබේ,