නව ව්‍යවස්ථාව සකස් කිරීමේ දී කිසිදු රහස්‍ය භාවයක් නොමැති බවත් ව්‍යවස්ථාව සකස් කර එය ජනතාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණික විද්‍යා පීඨයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීය.