යුක්රේනයේ කිව් අගනුවර සිට කොළඹට සෘජු ගුවන් ගමන්වාර මේ වසරේ නොවැම්බර් සිට ආරම්භ කිරීමට යෝජිතය. මේ වන විට යුක්රේනයේ සංචාරයක නිරත වි සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ හේ හරහා යුක්රේනය හා ශ්‍රී ලංකාව අතර සිදුවන සංචාර කටයුතු තවදුරටත් වර්ධනය වෙනු ඇති බවයි.
යුක්රේන විදේශ කටයුතු අමාත්‍ය පාවුලේ ක්ලිම්කින් මහතාගේ ආරධනාවක් අනුව මංගල සමරවීර මහතා යුක්රේන සංචාරයක නිරත වූ අතර එහි පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදීද කිව් නුවර හා කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේ 2015 වසරේදී ශ්‍රී ලංකාවට යුක්රේන ජාතික සංචාරකයන් 23,853ක් පැමිණ ඇති බවයි.