කිව් වතු යායේ ගල් පෙරලීමේ අවදානමක් - නිවැසියන් ඉවත් කරයි
බගවන්තලාව පොලිස් වසමට අයත් කිව් වතුයාවේ වතු නිවාස කිහිපයකට ඉහළින් තිබූ විශාල ගල් පර්වතයක් පෙරලී ඒමේ අවදානමක් හේතවෙන් එම වතුයායේ පවුල් 55කට අයත් පුද්ගලයන් 300ක් පමණ ඊයේ (31දා) රාත්‍රියේ සෙන්ජෝන්ඩිලරි ඉපැරණි තේ කර්මාන්තශාලවේ තාවකාලිකව නතර කර තිබේ.
පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග එම ගලට පහලින් විශාල ජල පහරක් ගලා ඒමත් සමගම එම වතු ජනතාව ඔවුන් පදිංචි නිවාසවලින් ඉවත් කර දේවස්ථානයක තාවකාලිකව නතර කළත්, ඊයේ රාත්‍රී එම අවතැන් කඳවුර නිරීක්ෂණය කළ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය අරුමුගන් තොණ්ඩමන් මහතා එම ස්ථානයේ ඉටකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන්ව තාවකාලිකව සෙන්ජෝන්ඩිලරි තේ කර්මාන්තශාලාවේ නතර කිරීමට පියවර ගෙන තිබේ.
එහිදී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් වතු පාලන අධිකාරිය හා ප්‍රදේශවාසීන් විසින් ලබාදී ඇති අතර, එම ගල් පර්වතය පෙරී ඒමේ අවදානමක් පවතිනවාද යන්න පිළිබඳව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද (01දා) එම ස්ථානයේ නිරීක්ෂණයක යෙදෙන බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේක්ම ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

