කිලිනොච්චි පොදු වෙළඳ සංකීරණයම ගින්නට බිලිවෙයි
කිලිනොච්චිය, ඩිෆෝව හන්දිය අසළ පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (16දා) රාත්රියේ ඇති වූ ගින්නකින් කඩකාමර හා කුඩා වෙළෙඳසැල් 100ට වැඩි ප්රමාණයක් විනාශ වී ඇති බව කිලිනොච්චිය පොලීසිය පැවැසීය. ඊයේ රාත්රී 9.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් වෙළෙඳසැල් 75ක් පමණ සම්පූර්ණ වශයෙන් හානිවී ඇති අතර ඒවා තුළ වූ භාණ්ඩද සම්පූරණයෙන්ම විනාශ වී ඇත.
ගින්න ඇති වූ අවස්ථාවේදීම කිලිනොච්චිය ප්රාදේශීය සභා ගිනි නිවීම් ඒකකය, යුධ හමුදාව, ගුවන් හමුදාව හා පොලීසිය එක්ව ගින්න මැඩපවත්වීමට පියවර ගෙන ඇත.ප්රදේශයේ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න වඩාත් පැතිරයන්නට ඇති බව ප්රදේශවාසීන් පවසයි.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිදුවූ දේපල හානිය තක්සේරු කර නොමැත. ගින්න ඇති වීමට හේතුව නිශ්චිතවම මෙතෙක් හඳුනාගෙන නොමැත.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.













