ගින්නෙන් හානියට පත් කිලිනොච්චි පොදු වෙළෙඳ පොළේ කඩසාප්පු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට රජය තීරණය කර තිබේ. 2016-09-16 වැනි දින කිලිනොච්චි දිස්ත්රික් පොදු වෙළෙඳ පොළේ සිදුවූ ගිනිගැනීම හේතුවෙන් කඩසාප්පු 122ක් හානි වූ අතර හානියට පත් කඩසාප්පු වෙළෙඳුන්ට රුපියල් මිලියන 74ක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
එසේම නවීන පහසුකම්වලින් සමන්විත ගිනි නිවීමේ පද්ධතියක්, රුපියල් මිලියන 97ක පිරිවැයකින් කිලිනොච්චි දිස්ත්රික්කය තුළ ස්ථාපිත කිරීමටත්, ගින්නෙන් හානියට පත් වෙළෙඳ ආයතන ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 150ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ස්ථිර පොදු වෙළෙඳ පොළ සංකීර්ණයක් ඉදිකිරීමටත් නියමිතය.