වසර 2020 වන විට දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය කිරි පිටි රටතුළ නිෂ්පාදනය කරගැනීම අරමුණු කර ගනිමින් කිරි ගොවියන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වලට අමතරව ස්වේච්ඡා සංවිධාන වල සහය ලබාගැනීමට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය තීරණය කර තිබේ.
අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත කිරි ගොවි ගම්මාන පිහිටුවීම, කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා උසස් ආරයේ දෙනුන් හා තාක්ෂණය කිරි ගොවියන් වෙත ලබාදීම මෙන්මඋතුරු නැගෙනහිර පළාත් වල වෙසෙන කිරි ගොවියන් සවිබල ගැන්වීම සඳහා මෙම සංවිධානයන්හි දැනුම, තාක්ෂණය හා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගන්නා බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
ස්වේච්ඡා සංවිධානරැසක නියෝජිතයන් සමග මේවනවිට සාකච්ඡාකර ඇති අතර,මේසඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය.