මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන්පිරිසකට වාර විභාගයට පෙනීසිටීමට අවස්ථාව ලබානොදුන් බවට වාර්තා වන සිදුවීම පිළිබඳ පරීක්ෂණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිංග්ස්වුඩ් විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසන ලෙසටද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.