මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ වලට පටහැනිව රුපියල් තිස් හය ලක්ෂ විසිපන්දහසක (3'625,000.00)ක මුදලක් එක්රැස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගය පරිදි සිදුකරන ලද විගණන පරීක්ෂණයකින් අනාවරණය විම හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කළ බව අමාත්‍යාංශය කියයි.
2016 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමට නියමිත මවුපියන්ගෙන් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා යැයි පවසමින් මෙම මුදල් එක්රැස්කර තිබෙයි. කිංස්වුඩ් විද්‍යාලයට සිවුමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදී ඇති මොහොතක මෙම මුදල් එකතු කිරීම සිදුකර තිබෙන අතර එය චක්‍රලේඛ 04ක් උල්ලංඝණය කිරීමක් බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වෙයි. විදුහල්පතිවරයා එකතු කළ මුදල් නැවතත් දෙමව්පියන්ට ලබාදීමට නියමිතය.