විවිධ දුරකථන ආයතනයන්ගේ නම් සඳහන් කරමින් ලොතරැයි දිනුම් ඇදීම් මගින් තරග ජයගෙන ඇතැයි පවසා ඊසි කෑෂ් ක්රමයට මුදල් වංචාකිරීමේ සිදුවීම් රැසක පැමිණිලි දිවයින පුරා පොලිස් ස්ථානවලින් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ලොතරැයි දිනුමකින් ජයග්රහණය කර ඇති බව දුරකථන ඇමතුම්‚ විද්යුත් කාඩ්‚ ඊමේල් පණිවිඩ හා කෙටි පණිවිඩ මගින් පවසා විවිධ පුද්ගලයන්ට පවසා ඔවුන්ගෙන් ඊසි කෑෂ් ක්රමයට මුදල් ලබාගනිමින් මෙම වංචාව සිදුකරන බව පොලීසිය පවසයි.
ඒ අනුව මෙවැනි දුරකථන ඇමතුම්වලට නොරැවටී ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දන්වන ලෙස පොලීසිය සඳහන් කරයි.
මේ වනවිට කිසිදු දුරකථන සමාගමක් ආශ්රිතව මෙවැනි දිනුම් ඇදීමේ තරග සංවිධානය කර නොමැති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.