ප්‍රංශයේ පැවැති ජාත්‍යන්තර කෑන්ස් සම්මාන උළෙලේදී වසරේ මයිකල් කොනිග් තරුණ මාධ්‍යවේදියාට හිමි සම්මානය ඩේලි මිරර් පුවත්පතේ කමන්ති වික්‍රමසිංහ මෙනවිය දිනා ගැනීමට සමත්වූවාය.
රටවල් 150ක තරග කරුවන් අතරින් ඇය මෙම සම්මාන දිනාගත්තාය. ශ්‍රී ලංකාවේ දැන්වීම් ක්ෂේත්රය පිළිබඳව ඇය පළකළ ලිපියක් හේතුවෙන් මෙම සම්මානය ඇයට හිමිවූවාය.
කමන්ති වික්‍රමසිංහ මෙනවිය අද (27දා) කටුනායක ජාතයන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියාය.
(ගුවන්තොටුපොළ දීපා අධිකාරී)