ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශවලට අනුව අවධානම් තත්ත්වයන් හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 08ක් යළි විවෘත කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර එම පාසල් අලුතින් ඉදිකිරීමට සිදුව ඇති බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය භානු මුනිප්රිය මහතා පෙන්වා දෙයි.
එම පාසල්වල දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කරගෙනයාම සඳහා ඒ ආසන්නයේ පිහිටි වෙනත් පාසල්වල, විහාරස්ථානවල සහ ප්‍රජා ශාලාවල අවශ්‍ය පහසුකම් සැපයීමට මේ වන විට පියවර ගෙන ඇති බව ද හෙතෙම සඳහන් කළේය.