සිය පාලන කාලය තුළ බාර් ලයිසන් එකක් හෝ කැසිනෝ බලපත්රයක් ලබා නොදුන් බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. සිය මැතිවරණ ප්රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
"ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණ පොරොන්දු කියන්නේ මාස කිහිපයකින් අමතක කරන ලියවිල්ලක් පමණයි. නමුත් අපි එය වෙනස් කළා. මහින්ද චින්තය කියන්නේ අමතක කරලා දාන ලියවිල්ලක් නෙමෙයි. ඒක අපි දේශපාලන ඉතිහාසයේ පළමු වරට ඔප්පු කළා.
අපි යථාවාදී තථාකාරීයි. අපි කියනදේ කරනවා. කරන දේ කියනවා. විදුලිය, ජලය, මංවාවත් ගැන අද පොරොන්දු දෙන්න බෑ. අපි ඒවා කරලා තියෙනවා. ප්රසිද්ධියේ දුම්බීම, ප්රසිද්ධියේ මත්පැන් පානය කිරීම තහනම් කළා. දුම්වැටියට, මත්පැන්වලට ප්රචාරක දැන්වීම් කරන යුගය අවසන් කිරීමේ අසීරි තීන්දුව අපියි ක්රියාත්මක කළේ. කැසිනො බලපත්රයක් නොදුන් අතක් එක බාර් ලයිසන් එකක් නොදුන් අතක් තමයි මට තියෙන්නේ කියලා මම ආඩම්බරයෙන් කියනවා."