නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත හලාවත ප්රදේශයේ ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත භටපිරිසක් සහ වෙන්නප්පුව පොලීසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් අද (15දා) සිදුකරන ලද සෝදිසි කිරීමකදී උල්හිටියාව ප්රදේශයේදී කැස්බෑ මස් කිලෝග්රෑම් 10ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කැස්බෑ මස් තොගය අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙන්නප්පුව පොලීසියට බාරදීමට කටයුතු කෙරිණි.