හික්කඩුව වනජීවි කලාපයට අයත් මාදම්පාවිල අභය භූමියේ අධි සංවේදී තෙත් බිම් කොටස්වලට කැලිකසළ සහ වෙනත් අපද්‍රව්‍ය දමා ගොඩකිරීම නිසා එම භූමිය විනාශයට ලක්වෙමින් තිබෙන බව තෙත් බිම් උරුමය සංවිධානය සඳහන් කරයි.
මාදම්පා ගඟේ ජලපෝෂක ප්‍ර‘දේශය සහ එය ලංකාවේ සුවිශේෂී තෙත් බිම් කලාපයක පැතිර පැවතීම සැලකිල්ලට ගනිමින් අක්කර 3015කින් යුත් භූමි ප්‍ර‘දේශයක් අංක 1515/21 දරන විශේෂ ගැසට් නිවේදනයකින් අභය භූමියක් බවට පත්කළ බවද එම සංගමයේ ලේකම් කැළුම් තුෂාර මහතා සඳහන් කළේය. හිටපු පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අධි සංවේදී තෙත්බිම් කලාපය අභය භූමියක් බවට පත්කර රැකගැනීමට කටයුතු කළද, මේ වනවිට එම අභය භූමිය තුළ ගොඩකිරීම් කටයුතු සිදු කරමින් තිබෙන බවද ඔහු පවසා සිටියේය. මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා නිසි මැදිහත්වීමක් සිදුකර නැතැයිද හෙතෙම සඳහන් කළේය.