කැලෑ ගිණි තැබීම් හා කුඹුරු ගිණි තැබීම් සිදුකරන පුද්ගලයින් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් තැන තැන කැලෑ ගිනිතැබීම් සිදු කරන පුද්ගලයෝ නීතියේ රැහැනට හසු කරගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(29) පොලොන්නරුවේ දී අදාළ අංශ වෙත නියෝග කළේය.
කුඹුරු ගිනි තබන්නන්ට පොහොර සහනාධාරය නොදීමේ පරණ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා සදහන් කළේ අද(29) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේක්ම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති පොලොන්නරුවේ පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතියේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමිණි.