කැලණිය විශ්වවිද්‍යාලය තුළ සිදුකරන ශිෂ්‍ය මර්දනය වහාම නවතා දමන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්යග්රහ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය එක්ව මෙම සත්‍යග්‍රහය පවත්වනු ලබන අතර, මේ නිසා දුම්රිය පොළ ඉදිරිපිට මං තීරුව රථවාහන ගමනාගමනයටද බාධා එල්ලවී ඇත.
මීට අමතරව කැලණිය විශ්වවිවිද්යාලය තුළ සිදුකරන ශිෂ්‍ය මර්දනය වහාම නතර කරන ලෙස සඳහන් විශාල බැනරයක්ද ප්‍රදර්ශනය කර තිබෙන අතර, සත්‍යග්‍රහය භික්ෂු ශිෂ්‍යයන්ද විශාල පිරිසක් සභාහභාගී වී සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ