කැලණිය - කිරුළපන දක්වා කුලුනු මත පාරක්
කැලණිය සිට බේස්ලයින් හරහා කිරුළපන දක්වා කුලුනු මතින් දිවෙන මාර්ගයක් ඉදිකිරීම සඳහා රටවල් ගණනාවකින් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කැලණිය සිට රාජගිරිය දක්වා එම මාර්ගය ඉදිකිරීමට මීට පෙර සැලසුම් කර තිබුණද, එය බේසලයින් දක්වා ඉදිකරන බව අගමැතිවරයා ඊයේ ප්‍රකාශ කළ බව කිරිඇල්ල මහතා සඳහන් කළේය.
අයිරූඩ් ව්‍යාපෘතිය යටතේ මාර්ග කිලෝමීටර් 700ක් ඉදිකර තිබෙන බවත්, ඉතිරි කටයුතුවලට ආධාර ලබාදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් පිරිසක් ඉදිරි සති දෙක ඇතුළතදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඔහු පැවසීය.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ අද (24දා) දින පැවැති මාර්ග සංවර්ධන අධිකාරියේ 30 වන සංවත්සර උත්සවයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම අවස්ථාවට එක්විය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.














