කැලණිය ආසනය නියෝජනය කළ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී, ඔහු ගෙනයන වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වූහ.
කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන කණිෂ්ක සමරසිංහ, නෝබට් පෙරේරා යන මහත්වරුන් සහ පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් පෙරේරා මහතා ඇතුළු දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ පිරිසක් මේ අතර වෙති.
පෑලියගොඩ රෝහණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌරාපොළ පේමසිරි නායක ස්වාමින් වහන්සේ සහ කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක තිලක් වරාගොඩ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.