කැලණි පාලම මත සවිකර තිබූ මාර්ග දිසා පෙන්වන පුවරුවක්, ගමන් කරමින් තිබූ වහනයක් මතට පතිත වීමෙන් අද ( 04දා) ඒ අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙන බව පොලීසිය පවසයි.
ඒ අනුව කොළඹට ඇතුළුවන වාහන නවලෝක වටරවුමෙන් ජපන් මිත්රත්ව පාලම හරහා කොළඹට ඇතුළුවිය හැකි අතර, ඊට අමතරව වෙනත් විකල්ප මාර්ග භාවිතා කර මාර්ග තදබදය අවම කිරීමට සහය වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.