කැලණි පාලම සිට කොළඹ කොටුවට ගුවන් මාර්ගයක්
කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් මාර්ගයක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) රාජගිරියේ දී පැවසීය. එහි දිගුවක් ලෙස රාජගිරිය, එච්.එස්.බී.සී. ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බවද ඒ මහතා පවසාස සිටියේය.
රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,“ මාර්ග තදබදය විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. එම නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ද ප්‍රශ්න ඇති වෙනවා. එම ප්‍රශ්න විසඳීමට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් අවශ්‍යයි. මේ ආකාරයටම කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකරනවා. එම මාර්ගයේ කොටසක් ලෙස රාජගිරිය එච්.එස්.බී.සී ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකරනවා. මෙවැනි මාර්ග ගණනාවක් ඉදිකිරීමට අප කටයුතු කරනවා.
රටේ ආර්ථිකය දියුණු වීමේ දී මාර්ග පහසුකම් අත්‍යවශ්‍යයි. සෑම තැනම මාර්ග ඉදිකරනවා වෙනුවට යම් සැලැස්මක් අනුව මාර්ග ඉදිකිරීම අපේ අරමුණයි. මහනුවර සිට හම්බන්තොට දක්වාම ශීඝ්‍රයෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් ඉදිකිරීම අපේ බලාපොරොත්තු වී තිබෙනවා. එමෙන්ම තවත් බලාපොරොත්තුවක් වන්නේ කොළඹ නගරයේ සහ මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරීමයි. අපගේ නව මාර්ග ඉදිකිරීමේ වැඩසටහන නිසා එම නගරවල තදබදයන් බෙහෙවින් අඩුවේවි. මීට අමතරව සැහැල්ලු දුම්රිය යෙදවීම වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. මේ සියලුම අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍යයි. “ යැයි ද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


