නාගලම්වීදිය ජල මාපකයට අනුව කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට අඩි 2.4 ක් දක්වා පහළ බැස තිබෙන බව වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
කැලණි ගඟ සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නම් නාගලම්වීදිය ජල මාපකයේ අගය 1.5 කට ආසන්න විය යුතු බවත්, ගඟේ ජල මට්ටම පහළ යාම නිසා ගොඩබිම ප්‍ර‘දේශවල පවතින ජලය ක්‍රමක්‍රමයෙන් අඩුවී යන බවත් අමාත්‍යාංශ ලේකම් එම්.ආර්. රත්නායක මහතා සඳහන් කළේය.
පැවති අධික වර්ෂා තත්ත්වය නිසා ජල මාපකයේ අගය 7.65 ක් දක්වා ඉහළ ගිය අතර, ඊයේ (23දා) උදෑසන වනවිට 3.5 අගයක තිබූ ජල මට්ටම, ඊයේ සවස වනවිට මාපකයේ අගය 4.00 දක්වා ඉහළ ගියේය. එහෙත් අද (24දා) දහවල් 12.00 වනවිට මාපකයේ අගය අඩි 2.4 ක් දක්වා පහළ ගොස් තිබේ.