වැලිවේරිය ප්රදේශයේ මවක් සිය 6 හැවිරිදි දරුවා සමග කඩුවෙල පාලමෙන් ගඟට පැනීමේ සිදුවීමේ අතුරුදහන්ව තිබූ කුඩා දරුවාගේ මෘත ශරීරය අද (30දා) පෙරවරුවේ සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.
ඒ අනුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මව විසින් දරුවා ගඟට දැමීමට පෙර ඝාතනය කරනු ලැබ ඇති බව හෙළි වී තිබේ .
අදාළ කාන්තාව ප්රදේශවාසීන් විසින් ඊයේ(29 දා) බේරා ගනු ලැබූ අතර, පසුව බියගම පොලීසිය විසින් කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය.