මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක නවවැනි ශ්‍රේණියේ සිසුවෙකුට ශිෂ්‍යභට කාමරයේදී පහරදී කබඩ් එකක දමා හිරකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශිෂ්‍යභට කණ්ඩායමේ සාමාජිකයෙකු හා එම කණ්ඩායම නියෝජනය කර දැනට පාසලෙන් ඉවත්වූ සිසුවෙකු අද (14දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලීසිය පවසයි.
ශිෂ්‍යභට පුහුණුව ලබන බව පැවසෙන නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවා අද (14දා) එම පුහුණුව ලැබීමට නොහැකි බව පැවසීම නිසා එම කණ්ඩායමේ සාමාජිකයන් පස්දෙනෙකු විසින් පහරදී මෙසේ කබඩ් එකක දමා හිරකර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
මේ බව දැනගත් පාසලේ ගුරුවරුන් මැදිහත්ව සිසුවා මුදවාගෙන මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහලට මාරුකර යවා තිබේ.
සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු මූලික විමර්ශන පවත්වා ශිෂ්‍යභට කණ්ඩායමේ සිසුවෙකු හා 2014 වසරේ එම කණ්ඩායම නියෝජනය කළ බව පැවසෙන සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන අතර, අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර රජයේ රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකිරීමට පොලීසිය අද (14දා) සවස කටයුතු කරමින් තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.