කැකිරාව ප්රදේශීය සභාවේ උප සභාපති සම්පත් හේරත් කැකිරාව තිබ්බටුව විදුහලේ විදුහල්පතිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.
පාසලේ රඳවාගත් තම දරුවා වැස්සට තෙමුණු බව පවසමින් මෙම පහරදීම සිදුකර තිබේ.
විදුහල්පති රෝහල්ගත වී තිබෙන අතර උප සභාපති අද (14දා) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.