බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට අද (27දා) සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයට හා නැගෙනහිර පළාතට උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (27දා) පෙ.ව. 5.30ට නිකුත් කළ අද දිනය සඳහා වන කාලගුණ විද්‍යා නිවේදනය නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉහත අනාවැකිය ඉදිරිපත් කරයි.