පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා විනාශයට පත් නිවාසවලට වන්දි මුදල් ලබාදෙන තෙක් රුපියල් දසදහසක මුදලක් ලබාදීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නිවාසවලට සිදුවූ හානියට අදාළ වන්දි මුදල් ලබාදීම සඳහා තක්සේරු කටයුතු සිදු කෙරෙමින් තිබෙන නිසා ජනතාවට සහනයක් වශයෙන් මෙම මුදල ලබාදීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන්කරයි.
ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ නිවාස 449 ක් විනාශයට පත්ව තිබේ.