මසකට වරක් දෙවරක් අමාත්‍ය මණ්ඩලය පත්කිරීම නිසා වර්තමාන අමාත්‍ය මණ්ඩලයත් කාලගුණය සේ වෙනස් වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා 100 කට වැඩි අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන ගිය බවත්, වර්තමානයේදී ජනාධිපතිවරයාගේ ගොඩවැඩි කරගැනීමට අමාත්‍ය ධුර ලබාදෙන විට එය බැලැන්ස් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාත් අමාත්‍ය ධුර පිරිනමන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
දෙදෙනා වෙන් වෙන් වශයෙන් අමාත්‍ය ධුර ලබාදීමට අමතරව දෙදෙනා විසින් එකතු වී අමාත්‍ය ධුර ලබාදීමට යාම නිසා වර්තමානයේදී අමාත්‍ය මණ්ඩල මේ වනවිට 92 ක් බවට පත්ව තිබෙන බවද පවසා සිටියේය.
අමාත්‍ය ධුර ලබාදීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කරන බවට සඳහන් කළද කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාලිත තෙවරප්පෙරුම මහතාට ලබාදී තිබෙන්නේ වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය බවත්, මෙය විහිළු සහගත ක්‍රියාවක් බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.