දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්ත්වයක් පවතින අතර, හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකිය. සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර, සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.
අද (08දා) යාපනය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත්, සෙසු මුහුදු ප්‍රදේශ රළු නොවන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.