ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති වායුගෝලීය කැළඹිලි සහගත තත්ත්වය දැන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණික තත්වය තවදුරටත් අපේක්ෂා කරනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දන්වා සිටියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල තද සුළං ඇති වීමේ හැකියාව පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් මෙම
වැසි දවසේ ඕනැම වෙලාවක ඇති විය හැකි බවත් ඔවුන් පවසයි. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල, තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි)බලාපොරොත්තු වේ.
කන්කසන්තුරෙයි සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ.කි.මී. 60-70 පමණ දක්වා ඉහළ යාහැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ හැකියාවක්ද පවතී.