පවතින අයහපත් කාලගුණ තත්ත්වය පාසල් පවත්වාගෙන යාමට බාධාවක් වී ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා වහාම අවශ්‍ය පියවර ගැනීමේ බලය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත පවරා තිබේ.
පාසල් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත්නම් එවැනි පාසල්වලට තාවකාලිකව නිවාඩු ලබාදීමට හෝ තාවකාලිකව වසා දැමීමට අවසර හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.