කාලගුණ දෙපාර්තමේන්තුව නවීකරණය කරනවා
- 4 12 2017
- 21:45
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
සිදුවන කාලගුණ විපර්යාස පිළිබඳව තොරතුරු ලබාදීමට සේම ඒ හරහා සිදුවිය හැකි විනාශකාරී තත්ත්වය පිළිබඳව දත්ත ඉදිරිපත් කළ හැකි ආකාරයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 150ක් ගතවී තිබුණද ලෝකයේ සිදු වූ වෙනස්කම් එම දෙපාර්තමේන්තුවට හඳුන්වා දී නොමැති බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
තොරතුරු ලබාදීමට දෙපාර්තමේන්තුවට නවීන තාක්ෂණය හඳුන්වා දිය යුතු බවත්, මේ හරහා දිගු කාලීන වශයෙන් කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා මීට අමතරව නායයෑම පිළිබඳව ස්වයංක්‍රීයව තොරතුරු ලබාගත හැකි බවද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

