දිවයින අවට මුහුදේ සුළං වේගය විටින් විට ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාවට සැළකිලමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ පුත්තලම සිට මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා වැඩි වීමට ඉඩ ඇති බව ය.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැකි ය බවද වැඩිදුරටත් දක්වා තිබේ.