මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා ඊයේ (29දා) රාත්රී 11.00 පමණ වනවිට පුද්ගලයන් 15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ අතර, ගිලන් රථ කිහිපයක්ද අපදා ස්ථානවලට පිටත්ව ගොස් ඇතැයිද දැනගන්නට තිබේ.
එමෙන්ම, තුවාල ලැබූවන්ට ප්රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.