ශ්රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ දැවැන් චරිතයක් වූ ඩී.ඇෆ්.කාරියකරවන මහතා දිවියෙන් සමුගත්තේය. මිය යන විට ඒ මහතා 94 වැනි වියේ පසුවිය.
ඔහුගේ ඉල්ලීම අනුව 24 පැයක් ඇතුළත අවසන් කටයුතු සිදුකරමින් දේහය කඩුවෙල නෙවිල් ප්රනාන්දු රෝහලට බාරදීමට නියමිතය.
මීගමුවේ උපතලද කාරියකරවන මහතා පුහුණු ගුරුවරයෙකු ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භකර අතර පසුව පුවත්පත් කලාවට යොමුවිය. දශක 8කට ආසන්න කාලයක් පුවත්පත් කලාවේ සේවය කළ ඒ මහතා ලේක් හවුස් ආයතනයේ දිනමිණ පත්රයේ උප කර්තෘවරයකු ලෙසද කටයුතු කළේය. ඔහු ජනතා හා සිළුමිණ පත්රවල කර්තෘවරයා ලෙසද කටයුතු කළේය.