කාර්මික තාක්ෂණ ආයතනයේ කටයුතු වඩාත් කාර්යක්ෂමව, කාලීන අවශ්‍යතාවයන් මත නව කළමනාකරණයකින් පවත්වා ගෙන යාමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා තරයේ උපදෙස් ලබාදී තිබේ.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලයේ අද (26දා) පවත්වමින් මෙසේ උපදෙස් ලබාදී ඇති බවයි.
එසේම, ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ක්‍රියාදාමයේදී මෙම ආයතනයේ දායකත්වය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් පී. රණේපුර, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති අධිනීතීඥ නිරෝෂන පෙරේරා මහතා මෙන්ම එම ආයතනයේ උසස් නිළධාරීන් එක්ව තිබේ.