ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් 80ක් ජීවිතක්ෂයට පත්ව 350ක අධික පිරිසක් තුවාල ලබා තිබේ.
කාබුල් අගනුවර පිහිටා ඇති ජර්මනියේ තානාපති කාර්යාලය අසළ මෙම ප්රහාරය එල්ල වී තිබේ.
ප්රහාරයේ වගකීම කිසිවෙකුත් තවමත් බබාරගෙන නොමැත. ඇෆ්ගනිස්තාන වේලාවෙන් පෙ.ව. 8.25ට පමණ මෙම ප්රහාරය එල්ල වී තිබේ.
