වසවිස නැති ගොවිතැනක් යටතේ කාබනික වී වගාව සිදුකළ කුඹුරුවලින් අක්කරයට වී බුසල් 150 - 177ත් අතර වාර්තාගත අස්වැන්නක් ලැබෙමින් තිබෙන බව සෙමා ආයතනය සඳහන් කරයි.
වියළි කාලගුණ තත්ත්වය යටතේ වී වගාව සිදුකළ පදවිය, ශ්රීපුර හා දිඹුලාගල ප්රදේශවල අස්වැන්න නෙළීම මේ වනවිට සිදුවෙමින් තිබේ.
මේ අනුව පදවිය, ශ්රීපුර වී -2 ඇළ ප්රදේශයෙන් අක්කරයට වී බුසල් 177කට ආසන්න ප්රමාණයක්ද, වි -1 ප්රදේශයෙන් වී බුසල් 150කට වැඩි ප්රමාණයක් හා දිඹුලාගල ප්රදේශයෙන් වී බුසල් 115කට වැඩි ප්රමාණයක්ද අස්වැන්න ලැබී ඇත.
රසායනික ගොවිතැන යටතේ වගා කළ කුඹුරුවලින් වාර්තා වී ඇත්තේ වී බුසල් 80 - 100ත් අතර ප්රමාණයකි.