ගෘහ සේවය සඳහා කාන්තාවන් විදෙස්ගත කිරීම හැකි පමණ අවම කිරීමට කටයුතු කරන බවත්, සෞදි ආරාබියට ශ්‍රමිකයන් යැවීම නතර කිරීම පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත් විදේශ සේවා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අද (07දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
සෞදි ආරාබියේ ගල් ගසා මරා දැමීමට නියම වී සිටින කාන්තාව සම්බන්ධයෙන් සුබවාදී පිළිතුරු රජය අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් රජය කටයුතු කරන අතර එම කරුණු හෙළි කළ නොහැකි බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.