(VIDEO) රත්නපුර නගරයේදි කාන්තාවකට පහර දීමේ සිද්ධියට සම්බන්ධ රත්නපුර පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටවීමට ක්‍රියාමාර්ග ගත්බව පොලිස් මූලස්ථානය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ විඩියෝහා හා ඡායාරූප විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පලකිරීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් විමර්ශන ආරම්භකරන ලදී.
මූලික විමර්ශනයකින් පසුව කාන්තාවට පහරදීම සිදුකල රත්නපුර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ සේවය අද (29දා) දින අත්හිටුවා වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කි‍්‍රයාකිරිමට සහ අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනිමට පරික්ෂණ පවත්වාගෙන යන බවත් පොලීසිය වැඩිදුරටත් කියයි.