කාන්තාවකට විදේශ ගතවීමට අවශ්‍ය පවුල් පසුබිම් වාර්තාව සකස්කර දීම සඳහා රුපියල් 15,000 අල්ලස් මුදලක් ඉල්ලා සිටි උඩුනුවර මාවිකුඹුර (උතුර) ග්‍රාමසේවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
ග්‍රාමසේවකගේ නිවසේ පිහිටි කාර්යාලයේදී අල්ලස් ලබාගත් අවස්ථාවේදී අද (31දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව කොමිසම නිවේදනය කරයි.