කාන්තා සූදු පොලක් කුරුවිටදී වටලයි
තම විවාහක සැමියන් විවිධ වැඩකටයුතු සඳහා පිටත්ව ගිය පසු සූදු ක්රීඩාවේ නිරත වූ බව පැවසෙන කාන්තාවන් සිවුදෙනෙකු ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකු අද (21දා) සවස කුරුවිට, පැරඩයිස් ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලීසිය පවසයි.
කුරුවිට, පැරඩයිස් ප්රදේශයේ පාළු නිවසක් අසල මෙම සූදු ක්රීඩාව පවත්වා ගෙන ගන බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව අදාළ ප්රදේශයේ වැටලීමක් සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී පුද්ගලයන් 06 දෙනෙකු පලාගොස් තිබේ.
තමන් සැමියන් නිවසේ නොමැති අතරේ සූදු ක්රීඩාවේ නිරත වන අතර, ඔවුන් නිවසට පැමිණීමට පෙර තමන් නිවසට යන බැවින් මේ පිළිබඳ තම සැමියන් නොදන්නා බවත් අත්අඩංගුවට ගත් කාන්තාවන් පොලීසියට පවසා ඇත.
සුළු පරිමාණයෙන් මුදල් යොදවමින් මෙම සූදු ක්රීඩාව පවත්වාගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අජිත්ලාල් ශාන්තඋදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

